පුද්ගල ඝාතනයකට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

February 20, 2018   09:00 am

ගම්පහ, කෙහෙල්බද්දර ප‍්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් කැලණියල දිප්පිටියගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

එහිදි සැකකරුවන් සතුව තිබී ඝාතනය සදහා යොදාගත් බව කියන යතුරුපැදිය ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිප්පිටියගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සදහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව සදහන් වෙයි.

ඒ අනුව සැකකරුවන් අද ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.