අර්බුද විසඳන්න ඉක්මනින් ක්‍රියා කළ යුතුයි-අගරදගුරු හිමියන්
February 20, 2018 07:51 am
පවතින දේශපාලන අර්බුදය විසඳීමට කඩිනමින් සියලු දේශපාලන නායකයින් පියවර ගත යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ බලය සඳහා පිල්වලට බෙදී කුලල් කා ගැනීම් නතර කොට රටේ ජනතාව ගැන සිතා දේශපාලන අර්බුදය විසදා ගත යුතු බවයි.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය.
මෙහිදි මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.