ලක්ෂ 8ක දුම්වැටි රේගුවේ හිරවෙයි

ලක්ෂ 8ක දුම්වැටි රේගුවේ හිරවෙයි

February 19, 2018   02:42 pm




නීති විරෝධී ලෙස දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු  කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි අදාළ පුද්ගලයා විසින් සිය ගමන් මල්ලේ සූක්ෂම අයුරින් අසුරා එම දුම්වැටි තොඟය මෙරටට රැගෙනවිත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

අදාළ ගමන් මල්ලේ තිබූ දුම්වැටි 16,000ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම  රුපියල් ලක්ෂ 08ක් පමණ වන බව සඳහන්ය.

අදාළ දුම්වැටි තොඟය රාජසන්තක කර ඇති අතර අදාළ සැකකරුට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර මුදාහැර ඇති බව සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.