කළපුව අසල අභිරහස් මරණයක්
February 19, 2018 02:28 pm
සීදුව, ජයලත් හංදිය කළපුව අසලදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුලේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අදාල මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ දළුවකොටුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සීදුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.