අව්ව සැරට ගෙයක් ගිනි අරන් (ඡායාරූප)

අව්ව සැරට ගෙයක් ගිනි අරන් (ඡායාරූප)

February 19, 2018   02:09 pm



මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය සහ දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන්, සර්කියුලර් පාරේ නිවසක් ගිනිගෙන තිබේ.

අද (19) දහවල් 12.00 ට පමණ නිවසේ වහල ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වීමෙන් නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිනි ඇවිලී මෙන් මෙම ගින්න  හටගත් බව  නිවැස්හිමියන් පවසයි. 

පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති බව හැටන් පොලීසිය සවසයි.