පවතින තත්ත්වය ගැන කතා කරන්න සන්ධාන මැති ඇමතිවරු ජනපති හමුවෙයි

පවතින තත්ත්වය ගැන කතා කරන්න සන්ධාන මැති ඇමතිවරු ජනපති හමුවෙයි

February 19, 2018   01:31 pm



පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද (19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බව සඳහන්ය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

------------------------------------------------------------------------------------------------------

Update: 2.00pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්, ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.

වර්තමානයේ හටගෙන ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්ය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටින බව වාර්තා වෙයි.