අධිකරණයේ ආරක්ෂක කටයුතුවලට ගිහින් ඉස්පිරිතාලේ යයි

අධිකරණයේ ආරක්ෂක කටයුතුවලට ගිහින් ඉස්පිරිතාලේ යයි

February 19, 2018   01:19 pm


මාරවිල අධිකරණ සංකීර්ණයේ තෙවැනි මහලේ බදාම කොටසක් කඩා වැටීමෙන් පොලිස් සහායක නිලධාරියෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (18) වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ මාරවිල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සහායක  1772 සම්පත් ජයන්ත නම් අයෙකි.

තුවාල ලබා ඇති පොලිස් සහායක නිලධාරියා අධිකරණයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි අයෙකු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

තුවාල ලබා රෝහල් ගත කර ඇති පොලිස් සහායක නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.