තනිව බලය ගන්න බැරිව මුදලට විකිණෙන මන්ත්‍රීවරු

තනිව බලය ගන්න බැරිව මුදලට විකිණෙන මන්ත්‍රීවරු

February 19, 2018   12:52 pm



මෙවර පළාත් පාලන ඡන්දය විමසිම අවසන් වීමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වූ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

එම ඡන්දය විමසීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආසන 07 ක් ද,ලංකා කම්කරු කොංග්‍රසය ආසන 06 ක් ද දිනාගත් අතර ප්‍රසාද ආසන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආසන 02 ක්  හා කොමියුනිස්ට් පක්ෂයට ප්‍රසාද ආසන 01 ක්ද, හිමිව ඇත.

මෙම තත්ත්වය හමුවේ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඇතැම් පක්ෂවල ප්‍රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු යැයි පවසමින් මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවා බලය පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව අණාවරණයවෙයි.

කිහිප දෙනෙකුටම දුරකථනයෙන් අමතා පහසුකම් සැපයීමටත් මුදල් ගෙවීමට ඉදිරිපත් වී ඇති අතර එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් කොටියක් ගෙවීමට ද යෝජනා කර තිබේ.