පාර්ලිමේන්තුව කල් තැබෙයි

පාර්ලිමේන්තුව කල් තැබෙයි

February 19, 2018   10:38 am



පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15 කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කර තිබේ. 

ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි. 

ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විවාදය අද දිනයේ පැවැත්විය යුතු බවයි. 

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 15 කට කල් තබන බව කථානායක කරූ ජයසූරිය මහතා දැනුම් දුන්නේය.