ආග්‍රඔයෙන් නැවතුණු ජීවිත ඉරණමේ සැඟවුණු කතාව අනියම් පෙමක්ද?

ආග්‍රඔයෙන් නැවතුණු ජීවිත ඉරණමේ සැඟවුණු කතාව අනියම් පෙමක්ද?

February 19, 2018   10:01 am





ආග්‍රඔයට පෙරලුණු මෝටර් රථයේ සිට ජීවිතක්‍ෂයට පත් දෙදෙනා ගමිපහ විවිධ සේවා සමුපාකාර සමිතියේ සේවය කළ දෙදෙනෙකු බවට හඳුනා ඇත. 

මෝටර් රථය ධාවනය කර ඇත්තේ මියගිය කාන්තාව බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගමිපහ යක්කල පාරේ පදිංචි රත්නායක කලූආරචිචිලාගේ වසන්ත රත්නායක  නැමති 32 හැවිරදි දෙදරු පියෙකු වන අතර ඔහු ගමිපහ විවිධ සේවා සමුපකාර සමිතියේ කේ‍්‍රෂ්ත‍්‍ර නිලධාරියෙකු වශයෙන් සේවය කර ඇත.  

මියගිය කාන්තාවන පියුමිශාන් ප‍්‍රසාදි පෙරේරා (24) අවිවාහක ඇය එම සමිතියේ ලිපිකාරිනියක වශයෙන් සේවය කර ඇති  බව අනාවරණය වී ඇත.

අනතුරට පත් මෝටර් රථය මියගිය කාන්තාවගේ නමට ලියා පදිංචි ඇති අතර මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය ඇය විසින් ධාවනය කර ඇති බවටද පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව ඉකුත් (17) වන දින අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට යන බව පවසා නිවසෙන් පැමිණ ඇති බව දැනට පොලීසිය විසින් කරන ළද මුලික පරීක්‍ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය අධිකරණ වෛද්‍යවරයා යොමු කර තිබේ.