සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව අද රැස්වෙයි

සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව අද රැස්වෙයි

February 19, 2018   09:16 am


‍පාර්ලිමේන්තු සැසිවාරය අද(19) දිනයේදී සුපුරුදු පරිදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

අද දෙරණ  කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව අද උදෑසන 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පවතින දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමක් සිදු නොකෙරෙන අතර පාර්ලිමේන්තු සැසිවාරය අද දිනයේ සුපුරුදු පරිදි පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර යම්කිසි හෙයකින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ නම් උපරිම මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා නියම කරන දිනක දෙවන සැසිවාරය ආරම්භ කිරීමට හැකියාව පවතියි.