මට ලැජ්ජයි ඒ වගේම කණගාටුයි

මට ලැජ්ජයි ඒ වගේම කණගාටුයි

February 19, 2018   09:09 am



‍වර්මානයේ මෙරට පැන නැගී ඇති දේශපාලන අර්බුදය පිළිබඳව  තමන් ලැජ්ජාවට සහ කණගාටුවට පත් වන බව ජාතික සංවාද අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පවසයි.

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශවලට තමන් සම්පූර්ණයෙන්ම එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයකින් අනතුරුව අග්‍රමාත්‍යවරයා ඉවත් කළ යුතු බවට සිදු කරන ප්‍රකාශවල කිසිඳු පදනමක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාල් විජේනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.