නීති විරෝධී ගිනි අවියක් එක්ක 1ක් පොලිස් දැලේ

නීති විරෝධී ගිනි අවියක් එක්ක 1ක් පොලිස් දැලේ

February 19, 2018   08:56 am




ගලේවෙල, කටුවාලන්ද, වහකෝට්ටේ ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක්  සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරු 48 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(19) දඹූල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලේවෙල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.