පුරප්පාඩු වූ ජපුරේ කුලපති ධූරය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට

පුරප්පාඩු වූ ජපුරේ කුලපති ධූරය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට

February 19, 2018   08:18 am

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පත් කිරීම සිදු කර ඇත.

මෙම පත් කිරිමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ධම්මාලංකාර නාහිමියන් වෙත බාරදී තිබේ.

ඒ අනුව වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ  මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමරතන හිමිගේ අපවත්වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.

ඒ අනුව අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධුරය සඳහා පත් කර තිබේ.