යතුරුපැදියෙන් මාරයා එයි-20 හැවිරිදි ජීවිතය මහ මඟ නවතී
February 18, 2018 08:10 pm
මැදිරිගිරිය - මීගස්වැව මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පැදිකරු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මේ අතර මහනුවර - තැන්නකුඹුර ප්රදේශයේ දී මෝටර් රථයක ගැටීමෙන් මාර්ගයේ ගමන් කළ කාන්තාවක මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකාරියක් වන අතර අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.