කථානායක-ජනපති හා අගමැති හමුවෙයි

කථානායක-ජනපති හා අගමැති හමුවෙයි

February 18, 2018   04:59 pm


කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

අද දිනයේ අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් වර්තමානයේ රටතුළ ඇති වී ඇති අස්ථාවාර තත්ත්වය පිළිබඳව සහ එමඟින් රටට ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීම කථානායකවරයාගේ මෙම සාකච්ඡාවල අරමුණ බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මේ අතර හෙට පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.