අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය කරන්න එපා

අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය කරන්න එපා

February 18, 2018   04:43 pm



අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලුම පෞද්ගලික රෝහල්වලින් සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කරයි.

එවැනි රෝගීන්ට සහන ලබාදිය යුතු බව පවසන අමාත්‍යවරයා ඉදිරියේ දී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් සංවිධානය කළ අවයව දන්දීමේ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රධාන රෝහල් කිහිපයක පමණක් මේ වන විට සිදුකෙරෙන අවයව බද්ධ කිරීම් ඉදිරියේ දී තවත් රෝහල් කිහිපයක ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.