ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක්

ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක්

February 18, 2018   04:40 pm





ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් එකඟතාව පළ කර ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය  වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කළේය.