අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි සියලුදෙනා ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි සියලුදෙනා ජීවිතක්ෂයට

February 18, 2018   04:36 pm



මධ්‍යම ඉරානයේ දී අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම යානය අයත් අසමාන් ගුවන් සමාගම තහවුරු කර තිබේ.

මගීන් 60 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය හය දෙනෙකුගෙන් යුත් යානය  ඉරානයේ ටෙහෙරාන් නුවර සිට නිරිත දිග යසූජ් නුවර බලා පියාසර කරමින් තිබියදී කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබුණි.

යානය ගුවන්ගත කර මිනිත්තු 50කට පමණ පසු එය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ අතර පසුව එය කඩා වැටී ඇති බවට තහවුරු වූ බව අසමාන් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.

යානය කඩා වැටුණු ප්‍රදේශය ආශ්‍රිත සෝදිසි මෙහෙයුම් සිදුකිරීම සඳහා කණ්ඩායම් පිටත් ගොස් ඇති නමුත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ළඟා වීමේ දූෂ්කරතා මතුවී ඇති බව සඳහන්ය.

ඉරානයේ තෙවන විශාලතම ගුවන් සමාගම වන අසමාන්  ගුවන් සමාගම 1980 වසරේ සිට ඉරානය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකරනු ලබයි.