කාසියේ වාසිය බංග්ලාදේශය-පළමුව පන්දු රකී

කාසියේ වාසිය බංග්ලාදේශය-පළමුව පන්දු රකී

February 18, 2018   04:22 pm



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ කාසිය වාසිය ජයග්‍රගණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

දෙරට අතර පසුගිය 15 වනදා පැවති පළමු තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

අද (18) තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු කණ්ඩායමට කැඳවා තිබේ. 

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, දිනේෂ් චන්දිමාල් (නායක), අමිල අපොන්සු , උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය, ෂෙහාන් මධුසංක, ඉසුරු උදාන.