හෙලිකොප්ටර් යානය කඩාවැටෙයි-14ක් මරුට-අභ්‍යන්තර කටයුතු ඇමතිත් යානයේ ඉදලා
සයුරෙන් එතෙර

හෙලිකොප්ටර් යානය කඩාවැටෙයි-14ක් මරුට-අභ්‍යන්තර කටයුතු ඇමතිත් යානයේ ඉදලා

February 18, 2018   03:55 pm




හෙලිකොප්ටර් යානයක් කඩාවැටී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

මෙක්සිකෝවේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් පසු එම ප්‍රදේශයේ පියාසර කළ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

 භූ කම්පනයේ මධ්‍යයේ පිහිටි ඔක්සාකා ප්‍රදේශය ආසන්නයේදී හෙලිකොප්ටර් යානය එහි නියමුවාට පාලනය කරගත නොහැකිව කඩාවැටී ඇත්තේ ජීවිතාරක්ෂක මෙහෙයුමෙන් බේරාගත් පිරිස් රැගත් වෑන් රථ පෙළක් මතටයි. 

ඒවායේ සිටි පුද්ගලයන් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මෙක්සිකෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට හෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන්ට හානියක් සිදුව නැත.