මිනිස් පරිභෝජනයට නුසුදුසු එළඟි තෙල් වෙළෙඳපලේ
February 18, 2018 03:00 pm
මිනිස් පරිභෝජනයට නුසුදුසු එළඟි තෙල් වෙළෙඳපලේ විකිණීමට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම එළඟි තෙල් තොගය සොයාගත් බවයි.
එවැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු එළඟි තෙල් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.