කොන්ඩම් තුළ බහා ගුලි ගිල්ල බ්‍රසීල ජාතිකයාගේ ගුලි 69 ක් මීගමුවේදී එළියට එයි

කොන්ඩම් තුළ බහා ගුලි ගිල්ල බ්‍රසීල ජාතිකයාගේ ගුලි 69 ක් මීගමුවේදී එළියට එයි

February 18, 2018   01:10 pm




කොකේන් මත්ද්‍රව්‍ය ගිළ මෙරටට පැමිණි බ්‍රසීල ජාතික පුද්ගලයාගේ උදරයේ තිබී මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය කරල් 69ක් සොයාගෙන ඇති බව රේගුව පවසයි.

උපත් පාලන කොපු තුළ බහා කොකේන් මත්ද්‍රව්‍ය ගිළ බ්‍රසීලයේ සිට මෙරටට පැමිණ තිබූ මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පසුගිය 16 වැනිදා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු සැකකරුගේ උදරයේ තිබී මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය  කරල් 69ක් වෛද්‍යවරුන් විසින් පිටතට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.

එම කොකේන්වල වටිනාකම රුපියල් කෝටියකට අධික බව ද සඳහන්ය.

සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ අවසන් වීමෙන් පසු රේගුව විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.