මුගුරකින් පහරදී ඝාතනය කරලා

මුගුරකින් පහරදී ඝාතනය කරලා

February 18, 2018   11:37 am


වැලිවේරිය - කිරිදිවැල මාර්ගයේ හේනේගම හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ ප්‍රදේශයේ දී මෝටර් රථය නවතා ඉන් බැස ඇති අතර එහිදී දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති බව සඳහන්ය.

එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් අසල වැඩපලක තිබූ මුගුරක් ගෙන අනෙක් පුද්ගලයාට පහරදී  ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ මන්ඩාවල පුටුපාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි අයෙකි.

සිද්ධියට අදාළ සැකකරු ද තුවාල ලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.