ඉදිරි පාර්ලිමේන්තු කටයුතු ගැන කතා කරන්න එජාපයේ මන්ත්‍රී කණ්ඩායම රනිල් හමුවෙයි

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු ගැන කතා කරන්න එජාපයේ මන්ත්‍රී කණ්ඩායම රනිල් හමුවෙයි

February 18, 2018   11:32 am



එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද(18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතය.

විශේෂයෙන් වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.