පොලීසියේ ගුණාත්මක බව හොයන්න යයි
February 18, 2018 11:26 am
පොලිස් දෙපාර්තමේන්තුවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා මහජන අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික පොලිස් කොමිසම පවසයි.
පළාත් මට්ටමින් එම අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ පසුගියදා ආරම්භ වූ අතර එහි තවත් අදියරක් ලබන 24 වන දින කොළොන්නාවේ දී සිදුකිරීමට නියමිතය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මහජන අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ පසුගියදා හොරණ දී ආරම්භ වූ අතර එය ඉදිරි කාලය තුළ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල සිදුකිරීමට සැලසුම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ආධාර යටතේ මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුකරන ප්රපතිපත්ති සම්පාදනය සඳහා මෙම මහජන අදහස් යොදාගැනීමට නියමිතය.
ඕනෑම පුද්ගලයෙකුට මේ සඳහා අවස්ථාව හිමිවන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.