ආණ්ඩුවේ කිසිම අස්ථාවර බවක් නෑ

ආණ්ඩුවේ කිසිම අස්ථාවර බවක් නෑ

February 18, 2018   10:37 am



ආණ්ඩුව තුළ කිසිඳු අස්ථාවාර භාවයක් නොමැති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉතා ශක්තිමත්ව ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර නව එකඟතාවයක් ඇති විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.