සිරිකොතදී එජාපයේ විශේෂ රැස්වීමක් - තීරණය කුමක් වේවිද?

සිරිකොතදී එජාපයේ විශේෂ රැස්වීමක් - තීරණය කුමක් වේවිද?

February 18, 2018   10:31 am





‍එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 11.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයින් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතය.

විශේෂයෙන් වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.