කැළණිවැලි දුම්රිය මාර්ගය අදත් වැසෙයි
February 18, 2018 12:45 am
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (18) දින තුළදීද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.
දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.