ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

February 14, 2018   05:47 pm



මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ඊයේ(13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර මහතා කටයුතු කර තිබූ බව පොලීසිය පවසයි.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 දින දක්වා බන්ධනාගර ගත කිරීමට මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කර තිබේ.