ප්‍රසන්න රණතුංගගේ නඩුවේ සාක්ෂි විභාගය මාර්තුවේදී
February 14, 2018 04:43 pm
මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් කොටසක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15ක් යටතේ හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 12 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
නඩුවේ සාක්ෂි විභාගය අද(14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට වෙනත් අධිකරණයක නඩු කටයුත්තක් ඇති බවට සිදුකළ කරුණු දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම තීරණය ලබාදී ඇති බව සඳහන්ය.
නඩුවේ සාක්ෂි විභාගය සඳහා අද දින පැමිණ සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි පෙනී සිටින ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේය.