කොච්චම වෙරළ තීරයට ජීවිතය බිලි වෙයි

කොච්චම වෙරළ තීරයට ජීවිතය බිලි වෙයි

February 14, 2018   12:35 pm



අම්බලන්තොට, කොච්චම වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

18 හැවිරිදි අම්බලන්තොට,මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු මෙලෙස දියේ ගිළී අතුරුදන්ව ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.