අනතුරු 2යි-ජීවිත 2ක් නවතී

අනතුරු 2යි-ජීවිත 2ක් නවතී

February 14, 2018   11:15 am



කොළඹ  - නුවර මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මන්නාරම - මැදවච්චිය මාර්ගයේදී පෞද්ගලික බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.