ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

February 14, 2018   10:08 am

මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස් ආකාරයෙන් සැමරූ බව අද දෙරණට වාර්තා විය.

ඒ අනෙකුත් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කර තිබේ.

ලලිත් රණසිංහ නැමති මෙම අපේක්ෂකයා මතුගම නගරයේ කුරුල්ලන්ගේ වසුරු නිසා අපවිත්‍ර වී ඇති ස්ථානයන් සියල්ල සොදා පිරිසිදු කර ඇත.

ඒ සඳහා ඔහුට ආධාරකරුවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ද සහය හිමි වී තිබේ.

මෙම අපේක්ෂකයා ප්‍රාදේශීය සභාවට පත්වීමෙන් අනතුරුව දිගින් දිගටම ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත.