වහා පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්න
February 14, 2018 08:42 am
වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනතාව විසින් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදින් පිරිසක් අමතමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.
ඉදිරි වසර දෙක තුළ ජනතාව අපේක්ෂා කළ වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේය.
කුමන පක්ෂ එක්ව ආණ්ඩුව ශක්තිමත් කළ ද ජනතා විමුක්ති පෙරමුණ ඊට සහය පළ නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවේය.
දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබානොදෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට අදහස් නොකරන බව යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ එම්.කේ ෂිවාජිලිංගම් මහතා පැවසුවේය.