නිලධාරීන් නොමැති වීම නිසා නඩු පමා වෙනවා

නිලධාරීන් නොමැති වීම නිසා නඩු පමා වෙනවා

February 14, 2018   08:24 am



නිලධාරීන් නොමැති වීම හේතුවෙන් නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට නොහැකි වී ඇති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

සැකකටයුතු විමර්ශන සිදු කිරීමේ අංශය, DNA අංශය හා අපරාධ අංශයේ නිලධාරීන්ගේ හිඟයක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රසායනික හා භෞතික විද්‍යා අංශයේ විද්‍යාවේදී විශේෂ හෝ ගෞරව උපාධියක් ලබා සිටීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමට තිබිය යුතු සුදුසුකම් වෙයි.

එය ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟයට හේතු වී ඇති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන් කළේය.