මුහුදු කූඩැල්ලෝ-මෝර වරල් එක්ක ඉන්දියානුවන් 2ක් අල්ලයි

මුහුදු කූඩැල්ලෝ-මෝර වරල් එක්ක ඉන්දියානුවන් 2ක් අල්ලයි

February 14, 2018   06:13 am



නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා වියළන ලද මුහුදු කූඩැල්ලන් ඇතුළු සත්ත්ව කොටස් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කල්පිටිය, කරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නිවසක ගබඩා කර තිබූ එම සත්ත්ව කොටස් තොගය සොයාගත් බව පොලීසිය පැවසුවේය.

වියළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 688 ක්, වියළන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 625ක් සහ හඳුනානොගත් වියළන ලද සත්ත්ව කොටස් කිලෝග්‍රෑම් 10 ක් එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකාර ඉන්දිය ජාතිකයින් තිදෙනා 29,48 හා 56 වන වියේ පසු වන්නන් බව සඳහන්ය.

ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.