අධිවේගයේ මීට පස්සේ හයියෙන් ගියොත් වැඩ වැරදෙන්නේ මෙහෙමයි

අධිවේගයේ මීට පස්සේ හයියෙන් ගියොත් වැඩ වැරදෙන්නේ මෙහෙමයි

February 13, 2018   09:44 pm



අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම නව පද්ධතිය එළැඹෙන 14දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.

මෙම පද්ධතිය මඟින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථාපිත ටැබ් පරිගණක හරහා මුද්‍රණවීම සිදු වේ. 

මෙම ඡායාරූපයන්හි වාහන අංකය, නිරීක්ෂණ වේලාව හා එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ද මුද්‍රණය වේ. 

මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ දී ද සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.