Back to Top

 ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25කට පොළී රහිත ණය මුදල් පිරිනැමේ

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25කට පොළී රහිත ණය මුදල් පිරිනැමේ

February 13, 2018  09:26 pm

Bookmark and Share


ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැඟින් වූ පොළී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය දා දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් (සැපයුම්) විජිත මැද්දගොඩ මහතා හා නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේ.එම්. දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.

නාවික හමුදාවට දීර්ඝ සේවයක් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල් ප්‍රධානය කිරීම ආරම්භ කර ඇති අතර, මේ දක්වා ජ්‍යෙෂ්ඨ නාවිකයන් 1176 දෙනෙකු සඳහා මෙම ණය මුදල පිරිනමා ඇත. මේ දක්වා මෙම ණය මුදල පිරිනැමීම සඳහා රුපියල් මිලියන 588.7 ක පිරිවැයක් දරා ඇති අතර, ඉදිරියේදී තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 4026 දෙනෙකු වෙත එම සහන ණය මුදල ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව නාවික හමුදාව කියයි