තෙවරප්පෙරුම නැගිටියි

තෙවරප්පෙරුම නැගිටියි

February 13, 2018   06:53 pm

බුලත්සිංහල පොලිස් ස්ථාන‍ය ඉදිරිපිට දී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය 9 වැනිදා ආරම්භ කළ උපවාසය අද(13) අවසන් කෙරුණි.

ඒ තෙවරප්පෙරුම මහතාගේ පුත්‍රයා අසනීප වී රෝහල් ගත කිරීම හේතුවෙන්ය.

බුලත්සිංහල ප්‍රදේශයේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු එම ප්‍රදේශයේ  එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව බුලත්සිංහල පොලීසිය නිසි ක්‍රියාමර්ග නොගත් බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 09 වනදා මෙම උපවාසය ආරම්භ කළේය.

පසුව පසුගිය 10වනදා පෙරවරුවේ බුලත්සිංහල පොලීසියේ නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම නියෝගය  ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේ වෙතත් අද 5 වැනි දිනටත් නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම මහතා විරෝධතාවයේ නිරතව සිටි අතර එම ප්‍රෙද්ශයට අතිරේක පොලිස් බලඇණි ද අනියුක්ත කර තිබෙන ආකාරයක් දක්නට ලැබුණි.

මේ අතර අද දහවල් තෙවරප්පෙරුම මහතාගේ පුත්‍රයා රෝහල් ගත කර ඇති බවට ලද ඇමතුමක් මත නියෝජ්‍ය අමාත්‍යවරයා ද රෝහල වෙත පිටත්ව යාම සඳහා සිය උපවාසය අවසන් කළේය.

ඒ අනුව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර සිටින  සිය පුත්‍රයාගේ සුවදුක් විමසීමට තෙවරප්පෙරුම මහතා අද දහවල් පැමිණියේය.

පසුව වෛද්‍ය උපදෙස් මත තෙවරප්පෙරුම මහතා ද එම රෝහලටම ඇතුඝත් කෙරුණි.