නාස්තියට එරෙහි ජනතා වැඩසටහනේ අදහස් - යෝජනා ලබා ගැනීම ඇරඹෙයි
February 13, 2018 04:37 pm
අල්ලස, දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි ජනතා වැඩසටහනේ ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම ආරම්භ කර තිබේ.
දූෂණයට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් ආරම්භ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රතිඥාවක් ලබා දුනි.
ඒ අනුව මෙම අදහස් හා යෝජනා ලබා ගැනීම මෙන්ම ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමද ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ දූෂණයට එරෙහි පුළුල් දේශපාලන හා සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධති ගොඩනැගීම හා ශක්තිමත් කිරීම, නීති පසිඳලීමේ ආයතන විධිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා මාර්තු මස පළමුවන දිනට ප්‍රථම “නාස්තිය හා දූෂණය එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපියට හෝ 011 2 43 15 02 යන ෆැක්ස් අංකයට යොමු කරන ලෙසද ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.