හෙරොයින් ජාවාරමේ නිරත එකක් අල්ලයි

හෙරොයින් ජාවාරමේ නිරත එකක් අල්ලයි

February 13, 2018   04:32 pm




කඩවත, ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.

මෙහිදී හෙරොයින් මිලි ග්‍රෑම් 1380 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානයට බාරදී තිබේ.