නුවරඑළිය මහ රොහල් මෘත ශරීරාගාරයේ තිබු මෘත ශරීර මීයෝ කාලා

නුවරඑළිය මහ රොහල් මෘත ශරීරාගාරයේ තිබු මෘත ශරීර මීයෝ කාලා

February 13, 2018   02:50 pm



නුවරඑළිය මහ රොහල් මෘත ශරීරාගාරයේ තිබු මෘත ශරීර මීයන් විසින් සපා කන බව ප්‍රදේශවාසීන් චොදනා කර තිබේ.

පසුගිය දිනක රාගල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්වූ අතර නුවරඑළිය මහරෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු ඔහුගේ  මෘතශරීරය පසුදින  බාර ගන්නා අවස්තාවේ පාදයේ කොටසක් මියන් විසින් කා දමා තිබු බවට ඥතින් චොදනා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු රාගල ප්‍රදේශයේ මල් ශාලා සෙවකයෙකු පැවසුවේ තමන් බාර ගන්නා අවස්ථාවේදි මෙම මෘතශරීරයේ පාදයේ කොටසක් ඇට සැකිල්ල දක්වා සපා තිබු බවයි. 

ඉකුත් මස පහලොස් වන දින හයිෆොරස්ට් ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මිය ගිය තරණයෙකුගේ සිරුර මල් ශාලාවට රැගෙන එන විට නාසය සම්පුර්නයෙන්ම මියන් විසින් කා දමා තිබු අතර  මෘතශරීරයට තමන් විසින් කෘත්‍රිම නාසයක්  සවිකොට ඥාතින් වෙත බාර දුන් බවත්ය.

මේ පිළබඳව මෘතශරීරාගාර සෙවකයින්ගෙන් විමසිමෙදී විශාල මියෙකු මොචරියේ සිටින බව පවසා ඇත.

අප මේ පිළිබඳව නුවරඑළිය මහාරොහල් අධ්‍යකෂ්ක අරුණ ජයසෙකර මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙවැනි සිදුවීමක් පිළිබඳව තමන් දැනුවත් නොමැති අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන බවයි.