මුල්ලිවයික්කාල්  ප්‍රදේශයේ පිපිරීමක්-නිවාස කිහිපයකට හානි

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිපිරීමක්-නිවාස කිහිපයකට හානි

February 13, 2018   02:45 pm




මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ(12) ආර්.පී.ජී උණ්ඩයක් පුපුරා ගොස් ඇති බව මුලතිව් පොලීසිය  පවසයි.

මුලතිව් පොලීසිය පැවසූවේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කසළ ගොඩකට ගිනි තැබීමේදී අදාළ උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති අතර, පිපිරීම සිදුවු ස්ථානය අවට නිවාස කිහිපයකට සුළු හානි සිදුවී ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ යුද සමයේ පුපුරා නොගිය උණ්ඩයක් පොළොව අභ්‍යන්තරයේ තිබී ගිනි දැමීමත් සමඟ පුපුරා ගොස් ඇති බවට සැක පළ කරන බවයි.

මුලතිවි මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අවසන් යුද සටනේ ගැටුම් බහුලව පැවතිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.