අලුත් ආණ්ඩුවක් ගැන කවුරුත් තාම මාත් එක්ක කතා කළේ නෑ

අලුත් ආණ්ඩුවක් ගැන කවුරුත් තාම මාත් එක්ක කතා කළේ නෑ

February 13, 2018   02:28 pm


නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිඳු පක්ෂයක් තම පක්ෂය සමඟ මෙතෙක් සාකච්ඡා කර නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

නව රජයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය පක්ෂයට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බවයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් ලබාදී ඇති තීන්දුවට ගරු කළ යුතු බව ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.

කෙසේවෙතත් නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂය සමඟ කිසිඳු පක්ෂ නියෝජිතයෙකු සාකච්ඡා කර නොමැති බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.