ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ පරාජයට පත් කළා

ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ පරාජයට පත් කළා

February 13, 2018   12:52 pm


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය හරහා ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ පරාජයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ආණ්ඩුව වර්තමානයේ සිදුකරන කිසිඳු ක්‍රියාවක් ජනමතයට අනකූල නොවන බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා කියා සිටියේය.

මේ අතර පළාත් පාලන ආයතන සඳහා ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමේදී පළාත් පාලන විෂය සම්බන්ධයෙන් දැනුම සහිත පුද්ගලයින් තෝරාගන්නා ලෙස මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් තමන් පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව එම ව්‍යාපාරය සඳහන් කළේය.