පීඩිරූ වතුයායේ ගබඩා කර තිබු කොහු බත් ගිනි ගනී

පීඩිරූ වතුයායේ ගබඩා කර තිබු කොහු බත් ගිනි ගනී

February 13, 2018   12:25 pm

                      

නුවරඑළිය පොලිස් වසමට අයත් පීඩිරූ වතුයායේ වසා දමා තිබු තේ කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබු කොහු බත් තොගයක් ගිනි ගෙන විනාශ වි තිබේ.

අද (13) අළුයම 5.30 ට පමණ හටගත් ගින්නෙන්  තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කොහුබත් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වි ඇති අතර තේ කර්මාන්ත ශාලාවටද, ගින්නෙන් සුළු අලාභහානි සිදුවි ඇත. 

නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය හා එම වතුයායේ වතුකම්කරුවන් එක්ව දැඩි පරිශ‍්‍රමයක් දරා ගින්න පාලනය කර තිබේ. 

තේ ගස් වලට එළිම සඳහා මෙසේ කොහු බත් පිටතින් රැගෙනවිත් එම තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු බවයි වතුපාලන අධිකාරිය කියාසිටියේය. 

මෙය ගිනි තැබිමක්ද නැතහොත් වෙනත් ක‍්‍රමයකින් ගින්න හටගත්තාද යන්න නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.