අතින් ලැයිස්තුවට ගිය සීතාවක දොස්තරට ඇපත් නැති වෙයි

අතින් ලැයිස්තුවට ගිය සීතාවක දොස්තරට ඇපත් නැති වෙයි

February 13, 2018   12:07 pm



අද අලුයම 2 ට පමණ හංවැල්ල-කළුඅග්ගල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වු ගින්නකින් එය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වෛද්‍යවරයෙකුට හිමි නිවසක් වන මෙම නිවසේ ගින්න ඇති වීමත් සමඟ ප්‍රදේශවාසීන් එය මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති නමුත් එය ඉක්මනින් කර ගැනීමට නොහැකි වීමෙන් ගින්න ව්‍යාප්ත වී ගොස් ඇත.

ගින්න පාලනය කිරිම සඳහා හංවැල්ල පොලීසිය, හොරණ ගිනි නිවීමේ ඒකකය, යුද හමුදාව හා ප්‍රදේශවාසීන්ගේ සහය ලැබී ඇත.

කෙසේ වෙතත් ගින්න මැඩ පැවැත්වීමට යාමේ දී අසල්වැසියෙකුගේ ඇඟ මතට ගිනි නිවීමට ලක් වු නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් සුළු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර  තිබේ.

ගිනි ගැනීමට ලක් වීමෙන් තමාට ලක්ෂ 50 කට අධික පාඩුවක් සිදුව ඇති බව නිවසෙහි හිමිකරු පවසයි.

අදාළ වෛද්‍යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයට අත ලකුණින් සීතාවක ප්‍රාදේශිය සභාවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අයෙක් බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට කිසිදු දේශපාලනික සම්බන්ධතාවයක් නොමැති බවට තමා විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.