මෙරට ඉතිහාසයට එක්වන ප‍්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය

මෙරට ඉතිහාසයට එක්වන ප‍්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය

February 13, 2018   11:39 am



ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසී කාන්තාවක  පසුගිය දා පැවැත්  වූ  පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස  දෙහිඅත්තකන්ඩිය - හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළේය.

ඇය නමින් ඩබ්. එම්. ශිරෝමාලා  (37) පදිංචි අපොස (සාපෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති තිදෙරු මවකි. 

ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

ඇය  ලැබු ජයග‍්‍රහණය පිළිබඳ මෙසේ කීය, “ මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු  ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම  විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි  ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම  ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව යැයි පැවැසුවාය. 

හේනානිගල ගම්මානයේ ආදිවාසි නායක ඌරුවරිගයේ ගුණබංඩා පවසා සිටියේ “මම කියන්නේ රැහේ ඇත්තන්ගේ සහයෝගයෙන් පත් වු ඇය රැහේ ඇත්තන්ගේ හිත් දිනාගෙන රැහේ ඇත්තනගේ ගැටළු ප‍්‍රශ්නවලට මැදිහත් වී ඒවා විසඳනවා වගේම ඉදිරියේ දි ගමේ විතරක් නෙවේ පළාතේ වාගේ රටේ ප‍්‍රශ්න විසඳන්න පුඑවන් තැනකට යන්න වසනාව ලැබේවා කියන ගමන් මාගේ හිතට ලොකු සතුටක් දැනේනවා රැහේ එකියක් මන්ත්‍රීවරියක්වීම පිළිබඳ රැහේ උන්ට ලොකු ආඩම්බරයක් යැයි කිය.ෙ

ශ්‍රී ලංකාවේ ආදිවාසී පරපුරේ 19 වෙනි නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ වර්ථමාන නායකයායි. තම පරපුරේ කෙනෙකු මන්ත්‍රීවරියක වීම පිළිබඳ දකින ආකාරය පිළිබඳ මෙසේ පැවැසීය, “ අපේ රැහේ කැකුළියක් මන්ත්‍රීවරියක්වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනේනවා. ඒ වාගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම්  අද අපේ රටේ ඉන්නේ දේශපාලඥයන්  පාලකයන් නෙවේ. ජනතාව රවට්ටමින් බොරුව දුෂණය වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක‍්‍රමයක්. එවැනි ක‍්‍රම අනුගමනය කරන තැනකට වාගේම එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යන විට කල්පනාකාරී විය යුතුයි. මොකද මේ රටේ පරිසරයට රටට ආදරය කරන පැරණිම මිනිස්සු අපි නිසා නවීන ලෝකේ එක්ක ගනු දෙනු  කරනකොට අපේ සංස්කෘතික සිරිත් විරිත් අමතක වෙන්න පුඑවන්. මම ඇතුඑ හේනානිගල නායක ඇත්තැන්ගේ අවවාද අනුශාසනා වලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. ලංකා ඉතිහාසයේ  කවදාවත් අපේ ප‍්‍රශ්න ගැටළු මෙතෙක් කල් කියන්න සිද්ධ වුනේ වෙනත් පක්ෂයක වෙනත් වරිගයක අයට තමයි. 

නමුත් දැන් අපේ ප‍්‍රශ්න ගැටළු කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නෙවේ අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසි සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වාගේම තමයි මාගේ පුර්ණ ආශිර්වාදය ලබා දෙනවා. හැබැයි ස්වභාව ධර්මයෙන් පිට වාගේම රැහේ සංස්කාතියට පිටින් වැඩ නොකරණ ලෙසත් මා අවවාද කරනවා. ඉදිරියෙදි පැවැත්වන ප‍්‍රාදේශීය සභා පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රටපුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන් කැකුළියන් ඉදිරිපත් කර ජයග‍්‍රාහන  ලබාගෙන රටත් ස්භාවධර්මයත් රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායකවීම අපේ එකම බලාපොරොත්තුයි යැයි පැවැසිය.