නිවසේ විදුලිය විසන්ධි කිරීම නිසා තැපැල් ස්ථානාධිපති ගුටිකයි
February 13, 2018 10:40 am
විදුලි බිල ගෙවීම ප්රමාද වූ බ ව පවසමින් මාරවිල හත්තිනිය උප තැපැල් ස්ථානාධිපතිවරයාට ප්රහාරයක් එල්ල කොට තිබේ.
ඊයේ (12) දහවල් මේ ප්රහාරය එල්ල කොට ඇති අතර මෙලෙස ප්රහාරයට ලක්ව ඇත්තේ ග්රේටන් ඇල්ෆ්රඩ් නමැති පුද්ගලයෙකි.
මිට මාස හතරකට පෙර හත්තිනිය උප තැපැල් කාර්යාලයෙන් විදුලි බිල ගෙවා තිබියදීත් නිවසේ විදුලිය විසන්ධි කිරීම මේ ආරවුලට හේතුව බව මාරවිල පොලීසිය පවසයි.
සැකකරු ප්රදේශය හැර ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මාරවිල පොලීසිය ආරම්භ කර තිබේ.